වංචාකරුවන්ගේ අනන්‍යතාව මහජනතාවට ප්‍රසිද්ධ කරයි.!

රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගුව පවසන්නේ රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින් කරගෙන යනු ලබන නවතම ක්‍රියාමාර්ග වල එක් පියවරක් වශයෙන් මෙම පියවර ගත් බවයි.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්‍යයට පත් කරල රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙලඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාන්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තු වේ.

රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ශනයකදී වරදකරුවන් වන පුද්ගලයන් සහ ආයතන වල විස්තර මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරේණු ඇත.

එසේම මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මග පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා තිබේ.

ඉදිරියේදී රේගු වැරදි වලට සම්භන්දවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින්වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්භන්දයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ලැබේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments