By unusuma.lk on
(LK time)වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
බොරැල්ල පොලිසියට කළ දෑනුම්දීම අනුව පැමිණි නිලධාරීන් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවත් වැලිකඩ බන්ධනාගාරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එම රිවොල්වරය වසර කිහිපයක් පස්වලට යට වි තිබු බවට සැක කරන අතර ඉදිරි විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලිසිය එය භාර දුන් බවද ගාමිණී බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.