By unusuma.lk on
(LK time)ගොවිජන බලමුළුව බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (දෙසැ. 17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක කේ.ඩී. සුනන්ද ලාල් පැවසූවේ හිටපු කථානායක අශෝක රන්වල මහතා එම තනතුරට යෝජනා කළ විට ඔහුගේ අතපය බැඳ දැමීමක් වී දැයි ගොවීන් කම්පනයට පත් වූ බවයි.
මහාචාර්ය පදවි ඇති බොහෝ පිරිස් ඇටේ හෝ පොත්ත ගැන ප්‍රවීණයන් වුවද ගොවීන් සමග වැඩ කරන බොහෝ ආචාර්යවරුන් වැඩ බැරි ටාසන්ලා බැවින් ගොවීන්ගේ හදවත හඳුනන රන්වල මහතාට කෘෂිකර්මාන්තය වෙනුවෙන් වගකීමක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනා බව කේ.ඩී. සුනන්ද ලාල් මහතා පැවසීය.
එමෙන්ම අශෝක රන්වල මහතා අපි වවමු රට නගමු, වසවිස නැති රටක් හා වසවිස නැති කාබනික ගොවි ව්‍යාපෘතිය යටතේත් කෘෂි ක්‍ෂේත්‍රයට විශාල සේවයක් සිදුකළ බව සිහිපත් කළ හෙතෙම රසායනික පොහොර සමග සටන් කර වසවිස නැති අස්වැන්නක් නිර්මාණය කිරීම සඳහා ජෛව ජනන හරිත තාක්ෂණය හඳුන්වා දුන්නේ අශෝක රන්වල බවත් ඔහුට ආචාර්ය පදවිය ප්‍රදානය කරනු ලැබුවේ ගොවීන් විසින් බවත් වැඩිදුරටත් පැවසීය.