අර්චුනාට විපතක්.. ඩයනා හාන්සි කළ ඔෂල හේරත් වැඩ අල්ලයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ දිත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටලුව අධිකරණය වෙත ගෙන ගිය අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියම කළේය.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබු අතර එහිදී අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වනදා කැඳවන ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය මහ මැතිවරණයේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවට අදාල පෙත්සම මඟින් ඔෂල හේරත් මහතා පෙන්වාදී තිබේ.


රාජ්‍ය සේවකයෙකු ඉන් ඉවත් නොවී එලෙස නාමයෝජනා භාරදීම නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බව සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කරනා ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.