By unusuma.lk on
(LK time)ජනතාවගේ පෞද්ගලික පරිහරණය සදහා මෝටර් රථ ආනයනය එළඹෙන වසරේ පෙබරවාරි පළවෙනිදා සිට ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක අද (18) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා. අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා. ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළ විවෘත කරන්නට අප කටයුතු කළා.”