By unusuma.lk on
(LK time)පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට පැහැදිලි බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල පාලන බලය ජාතික ජනබලවේගයටම පවත්වාගෙන යෑම සඳහා ලබා දිය යුතු බවට විපක්ෂයේ දේශපාලන නායකයින් පැවැත්වූ සාකච්ඡාවකදී යෝජනා වී ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් විපක්ෂය ඒකාබද්ධ වී බලය පිහිටවහොත් එහිදී ආණ්ඩු පාර්ශවයෙන් විවිධ ආකාරයේ බාධා කිරීම් සිදුවිය හැකි බැවින් පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ විවිධ අර්බුදයන්ට මුහුන දීමට සිදුවනු ඇති බවට එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව වර්තමාන ජාතික ජන බලවේගයටම බලය පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය දිය යුතු බවද යෝජනා වී ඇති අතර ඒ හරහා ජාතික ජන බලවේගයට ප‍්‍රාදේශීය සභාවන් පාලනය කරගෙන යාමේ හැකියාවක් ඇද්ද නැද්ද යන්න ජනතාව තේරුම්ගත හැකිවනු ඇති බවද බහුතර පිරිසගේ මතය වූ බව සඳහන්.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වැඩිදුරටත් පැවසීය.