By unusuma.lk on
(LK time)දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් ඔහුට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස (19) වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර ඔහුට මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.