By unusuma.lk on
(LK time)පසුගිය 2011 වසරේදි කෙයාර්න් ලංකා පෞද්ගලික සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර ඒ අනුව ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි ගොඩගැනීමේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
එම සමාගම මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර එහිදී එම ස්ථානයේ ශක්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 04ක ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සහ ඒවා ගොඩගැනීම සඳහා ආයෝජන කැඳවීමට යෝජනා ඉදිරිපත්ව ඇති බවත් ඒ සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක් වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.