අර්චුනාගෙන් මිලියන 100ක වන්දියක්.!

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා විසින් යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා පසිගිය 18 වනදා යාපනය අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.

අදාළ මන්ත්‍රීවරයා විසින් යාපනය ශික්ෂණ රෝහලට බලහත්කාරයෙන් කඩාවැදී තමන්ට අපහාස කළ බවත්, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ද තම කීර්ති නාමයට හා රෝහලේ ගෞරවයට හානි වන ආකාරයට කටයුතු කළ බවටත් එම නඩුවෙන් චෝදනා කොට ඇත.

පී.සත්‍යමූර්ති මහතා පවසන්නේ අවස්ථා කීපයකදීම මන්ත්‍රීවරයා අභූත චෝදනා එල්ල කරමින් තමන් අපහසුතාවට පත් කළ බවද තවත් අවස්ථා කීපයකදී තමන්ට තර්ජනය කළ බවයි.

කෙසේවෙතත්, ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මේ හේතූන් නිසා තමන්ට හා තම කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන සීයක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මේ වන විට වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයක නඩු 21 ක් විවිධ පුද්ගලයින් විසින් ගොණු කොට ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments