By unusuma.lk on
(LK time)පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්රසිද්ධ රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (30) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබු බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් ප්රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
(19) රාත්රියේ රංගන ශිල්පිණි මහේෂි පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්රී ජංගම සංචාරයකදී සිටි පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු එම නිවස වෙත ගොස් ඇත.
අනතුරුව නිවසේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී සැමියා එකවරම පොලිස් සැරයන්වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටී ඇත.
අනතුරුව සැකකරු එම සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ටද සැකකරු පාදයෙන් පහරදී ඇති අතර එම ප්රහාරයෙන් එක් කොස්තාපල්වරයෙකුද එම ස්ථානයේදීම බිමට වැටී ඇත.
ඒ සමග අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයාව සහ කොස්තාපල්වරයාව නිවසින් පිටතට රැගෙන විත් ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බව පොලීසිය සදහන් කරයි.