Fitch මහතාගෙන් ශ්‍රී ලංකාවට නම්බුනාමයක්.!

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන ෆිච් රේටින් (Fitch Ratings) ආයතනය විසින් 2020 වසරේදී සිය ශ්‍රේණිගත කිරීම්වලද B මට්ටමේ සිටි ශ්‍රී ලංකාව එවකට පැවති ආර්ථික කඩාවැටීම හමුවේ CCC- මට්ටම දක්වා තවදුරටත් පහත හෙළීමට කටයුතු කළේය.

ඉන් වසර 4කට පසු 2024 වසරේ දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.

මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.

ෆිච් රේටින් සමාගම වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණුකළ සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුකිරීම මෙමගින් පිළිඹිබු කරන බවයි.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතර මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැටහයයි දශම එකක වෙන්කළ මුදලකින් සමන්විත වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.