By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ ඊයේ (19) පැවති රැස්වීමකදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී චානක මහතා තෝරාගෙන තිබුණි.
මීට පෙර එම තනතුර හොබවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි, කෙසේවෙතත් අබේගුණවර්ධන මහතා මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ රනිල් වික්රමසිංහ මහතා නායකත්වය දරනා නව ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාටද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව ග්රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිතිබුණි.