By unusuma.lk on
(LK time)වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අලදෙණිය, කුළුගම්මන, කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත.
මෙම බස් රථය යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) දින රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය සඳහන් කරයි.