By unusuma.lk on
(LK time)රජයේ ආදායම් අහිමි වීම වැළැක්වීම හා පොදු දේපළ විනාශ වීම සදහා රාජ්‍ය ආයතන සතු සියලු වාහන නිසි පරිදි නඩත්තු කිරීමත්, නොසැලකිලිමත් ලෙස භාවිත කිරීමෙන් වැළකීමත් ආයතන ප්‍රධානීන්ගේ අනිවාර්ය රාජකාරියක් කර ඇත.
වාහන අපහරණය කිරීම සහ වාහන නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්, සංස්ථා, මණ්ඩල, රාජ්‍ය බැංකු ඇතුළු සියලුම ආයතන ප්‍රධානීන් වෙත ගිය චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදී ඇත.
පොදු දේපළ අවභාවිතය වැළැක්වීම හා රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම සදහා රජයේ ආයතන සතු සියලුම වාහන නිසි පරිදි යොදා ගැනීමටත්, ලේඛනගත කිරීමටත් මෙම චක්‍රලේඛය මගින් සියලු ආයතන ප්‍රධානීන්ට අනිවාර්ය කර ඇත.
රාජ්‍ය ආයතන ගණනාවක් භාවිතයට නොගත් වාහන අති විශාල ප්‍රමාණයක් දිරාපත් වෙමින් හා සුළු අලුත්වැඩියාවක්වත් නොකර දිරාපත් වෙමින් පවතින වාහන සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර ඇත.