By unusuma.lk on
(LK time)රුසියානු පුවත් ඒජන්සිය (TASS) අනුව මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් සාර්තකව නිපදවීමට රුසියාව සමත්ව ඇත.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් පවසන්නේ මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහැරීමට තීරණය කර ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස මෙම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත හැඳින්විය හැකි බව රුසියානු රජය පවසයි.
මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තාවේ.
mRNA එන්නත මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දෙයි. එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන් කෙරේ.
මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණේ “අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” යනුවෙනි.