By unusuma.lk on
(LK time)පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වී මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බවත් ඒ අනුව පොලීසිය නීතිමය පියවර ගනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මේ වනවිට ජනාධිපතිවරණයේ සහ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිසියට ලබාදී ඇති අතර ඊට අදාළ නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු මේ වන විට දිස්ත්රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වල ප්රදර්ශනය කර ඇත.