නාකි ඉංග්‍රීසි ගුරා පාසල තුලම දැරියක් අපහරණය කරලා.!

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් දෙවිනුවර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු පාසල් දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර ගුරුවරයා වයස අවුරුදු 49ක පමණ වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කරන බවත් පොලිසිය සඳහන් කරයි.

විමර්ශන අනුව, හිංසනයට ලක්වූ දැරිය සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ ජීවත් වන අතර, ඇය පාසලේ ඉතා දක්ෂ දැරියක් ලෙස හඳුනාගෙන ඇත. මෙම දක්ෂතාවය හේතුවෙන් ගුරුවරයා සමඟ ඇතිවූ සමීපතාවය නිසා දැරියගේ සීයාගේ ජංගම දුරකථනය ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනාවරණය වූ තොරතුරු අනුව, මෙම දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදී පාසලේදී මෙන්ම ඉන් පිටතදී ද මෙම ගුරුවරයාගේ ලිංගික අතවරයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුනී බොගහවත්ත මහත්මියට ලැබුණු තොරතුරක් මත දැරියගෙන් ලබාගත් ප්‍රකාශයක් පදනම් කරගනිමින්, අදාළ ගුරුවරයා පසුගිය 12 වැනි දින සවස අත්අඩංගුවට ගෙන ඇත.

තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ගන්දර පොලිසියට පැමිණිලි කර තිබූ බවත්, නමුත් එහිදී සැකකාර ගුරුවරයාට එරෙහිව නිසි විමර්ශනයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ද වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කොට ඇති අතර, සැකකාර ගුරුවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments