ජනවාරි සිට ඔක්කොම සෙල්ලම් අවසන්.. පොලිස් ඇමතිගෙන් අති විශිෂ්ඨ තීරණයක්.!

පොලිස් මූලස්ථානය පවසන්නේ, රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට තීරණය කර ඇති බවයි.

පොලිස් රථවාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මුල් අදියර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන ඒමට මේවනවිට තීරණය කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙම නවීන කැමරා පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ සවිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවන්වලදී අනවශ්‍ය වැඩ කරනවාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැලකට රිංගාගෙන සිටිනවාද? යන්න නොවන බව යි.

“අපි මේක ගේන්න ප්‍රධාන හේතුව වුණේ සමාජ මාධ්‍යවල මෙයට පෙර අපි නොදැක්ක ආකාරයේ රැල්ලක් අවාසනාවකට දක්නට ලැබෙන නිසයි. රථවාහන අංශයේ නිලධාරීන් අත දමා වාහනයක් නතර කළාම මිනිස්සු දැන් එන්නේ ෆෝන් එක උස්සගෙනයි.

මොනවද රාලහාමි කියන්නේ. මම කවුද කියල දන්නවද? කියල පාරේ ඉන්න පොලිස් නිලධාරියාව අවුස්සල පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය ලස්සනට වීඩියෝ කරනවා. පොලිස් නිලධාරියාව අවුස්සන කොටස වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල දානවා. ඔය තත්ත්වය මඟ හරින්නයි අපිට Body Worn camera ගේන්න වුණේ.”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසූවේ පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය, වෘත්තීයභාවය රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවත් පොලිසියේ ගෞරවය රැකෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය රැකුණොත් පමණක් බවයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.