රජය කීවා වගේම අද සිට ක්‍රියාත්මකයි.!

අද (23) දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් පමණක් කටයුතු කරයි.

මේ වනවිට ආරක්ෂක කටයුතු සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන අඩුකර ඇති අතර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බව රජය සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමග මෙලෙස ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළේය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.