ආණ්ඩුව සැරසෙන්නේ තවත් නෑමකටද.? සුමන්තිරන්ගෙන් රතු එළියක්.!

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් පැවසූවේ පසුගිය ආණ්ඩු සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම ඒ සඳහා නම් නිර්දේශ කළ අයගේ ලැයිස්තුව හෙළිදරව් කරන බව පැවැසුවත් බාර් පර්මිට් ලබා ගැනීමට නම් නිර්දේශ කළ අය පිළිබඳ හෙළිදරව් නොකිරීමෙන් වත්මන් ආණ්ඩුවත් වංචාවට දූෂණයට සහාය දක්වන්නේ දැයි යන සැකයක් මතුවන බවයි.

දේශපාලන අල්ලස් වශයෙන් බාර් පර්මිට් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන බැවින් මෙසේ බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් ආණ්ඩුව විසින් වහා ම හෙළිදරව් නොකරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර පළාත් දේශපාලකයින් දෙදෙනෙකු දැනටමත් තමන් බාර් පර්මිට් ලබා ගැනීමට නිර්දේශ කළ බව පිළිගෙන තිබෙන බව ද ඔවුන් පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේම ප්‍රකාශකයන් මැතිවරණයට පෙර පැවැසූ පරිදි, බාර් පර්මිට් ලබාදී ඇත්තේ, දේශපාලන අල්ලස් වශයෙන් බැවින් බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ මහජන නියෝජිතයන්ගේ ලැයිස්තුවත් හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද සුමන්තිරන් මහතා වැඩිදුරට ත් අවධාරණය කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.