හොර නෝට්ටු රැසක් සමග පාසල් සිසුන් 4ක් අත්අඩංගුවට.!

ව්‍යාජ 5000 නෝට්ටු සමග පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී තවත් ව්‍යාජ 5000 නෝට්ටු 57ක් සොයාගත් බව තෙල්දෙණිය පොලිසිය සදහන් කරයි.

දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තෙල්දෙණිය පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකට අනුව එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් සිව් දෙනා දිගන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට ලබාදුන් 5000 නෝට්ටුවක් ව්‍යාජ එකක් බවට හැඟී යාමෙන් පසු එම ව්‍යාපාරිකයා තෙල්දෙණිය පොලිසියට ඒ බව දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා වයස අවුරුදු 15-16 අතර පසුවන්නන් වන අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සිසුන් පවසා ඇත්තේ අඳුනන මාමා කෙනෙකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම මුදල් නෝට්ටු ලබාදුන් බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.