By unusuma.lk on
(LK time)“මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ” සංවිධානය විසින් ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන තිබෙන මැති ඇමතිවරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
එම සංගමය පවසන්නේ, අදාල මැති ඇමතිවරු ජනාධිපති අරමුදලේ මුදල් ලබාගෙන ඇත්තේ ඊට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් විය යුතු බවයි.
එම පනත අනුව, ජනාධිපති අරමුදලේ මුදල් ලබා ගනු ලබන තැනැත්තා තමන් අඩු ආදායම් ලාභියෙකු බව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සහතික කළ යුතු අතර ජනාධිපති අරමුදලෙන් මුදල් නිකුත් කරනු ලබන්නේ, මුදල් ඉල්ලුම් කරනු ලබන තැනැත්තා, ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා හා අදාල තැනැත්තාගේ අවිවාහක දරුවන් යන පාර්ශ්වයන් විසින්ම උපයන මාසික ආදායමේ මුළු එකතුව ලක්ෂ දෙකට වඩා අඩු නම් පමණි.
එම සංගමය පවසන්නේ, අදාළ කොන්දේසි සලකා බැලීමේ දී ජනාධිපති අරමුදලෙන් මුදලා ලබාගෙන ඇති මැති ඇමතිවරු සැබැවින්ම එම මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරා ඇද්ද යන ගැටළුව පැන නගින බවත්, විශේෂයෙන්ම මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි තැන්පතු සහිත මුදල් ගිනුමක් අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කර කළ අතර එවැනි ධනවතෙකු වන ඔහුද ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටියකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් ය.
ජනාධිපති අරමුදල සතුවන්නේ මහජන මුදල් බැවින්, ව්‍යාජ තොරතුරු ලබා දී එම මුදල් වංචා කිරීම පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් බවත් මහජන මුදල් ආරක්ෂා කරන නීතීඥයෝ සංවිධානය පවසයි.