By unusuma.lk on
(LK time)ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් කරන්නැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඒ අනුව ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා වී ඇත්දැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජනාධිපති අරමුදලින් 2005 – 2024 කාල සීමාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට රුපියල් කෝටි ගණනින් මුදල්දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්‌ස පසුගියදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
තවද ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.