ලංකාවත් පෙරමුණ ගනී.. ජෛව විවිධත්වය රැකීමට අනුමැතිය.!

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුව විසින් ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම 2023-06-19 දින සම්මත කරනු ලැබ ඇති අතර එම ගිවිසුම සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ ක්‍රියාත්මක වේ.

එක්සත් ජාතීන්ගේ සම්මුතිය වඩා හොදින් ක්‍රියාත්මක කිරීම, විවිධ පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහයෝගිතාව සහ සම්බන්ධීකරණය තුළින් විශාල භූගෝලීය ප්‍රදේශ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම යන කරුණු පදනම් කර ගනිමින් එකී ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාව හඳුනා‌ගෙන ඇත.

ලොව සංවර්ධිත රටවල මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජෛව විවිධත්වය තර්ජනයට ලක් වී ඇති අතර එමඟින් සාගර ගුණාත්මක භාවය සහ ඔරොත්තු දීමේ හැකියාව අවදානමට ලක්ව ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.