By unusuma.lk on
(LK time)නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පසුගියදා මහනුවර බෝගම්බර පිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඉන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා සංගම් නියෝජිතයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පුද්ගලික වාසි ප්‍රයෝජන නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැපවීමක් ඇති පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවයි.
එහිදී රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කඩාවැටීමට හේතු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ක්‍රීඩකයින් සහ පාලන අධිකාරිය යන දෙපාර්ශවයම සිය පුද්ගලික අභිමතාර්ථයන් තකා කටයුතු කිරීම එම කඩාවැටීමට හේතු වී ඇති බවයි.
පසුගිය කාලසීමාව පුරාවට බොහෝ අනවශ්‍ය වියදම් සිදුකර ඇති නමුත් අත්‍යවශ්‍ය අංශ සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසී නොමැති බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එම පහසුකම් සැලසීමට රජය සූදානම් බවද අවධාරණය කළේය.