By unusuma.lk on
(LK time)කුකුළු මස් වෙළෙඳසලකින් කුකුළු මස් කිලෝ එකක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම මත මීරිගම ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කළ වැඩ බලන ආදායම් නිලධාරිවරයකු සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ ක්ෂේත්‍ර කම්කරුවකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි.
එළඹෙන 2025 වර්ෂයට අදාළ වාර්ෂික වෙළෙඳ බල පත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් රුපියල් 1,170 ක් වටිනා කුකුළු මස් කිලෝ 1ක් එම වෙළෙඳසල ඉදිරිපිටදී ලබා ගනිද්දී ඒ අසල රැඳී සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.