ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා වෙනුවෙන් දින 7ක ශෝක කාලයක්.!

ඉන්දියාව නව යුගයක් කරා ගෙනගිය, දූරදර්ශී ආර්ථික විද්‍යාඥයා සහ ඉන්දියාවේ ආර්ථික ලිබරල්කරණයේ නිර්මාතෘ, අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගත් මන්මෝහන් සිං යළි ඉන්දියාවට පැමිණ ආර්ථික විශේෂඥයෙක් ලෙස ඉන්දීය මහ බැංකු අධිපති ලෙස කටයුතු කළේය.

ඉන්දීය රජයේ ආර්ථික උපදේශකවරයෙක් ලෙසද දේශීය ආර්ථිකය නඟාසිටුවීම සදහා සිය දායකත්වය ලබාදුන් අතර මන්මෝහන් සිං ඉන්දීය කොංග්‍රස් රජයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස 1991 දී ලද පත්වීමෙන් අනතුරුව සක්‍රීය දේශපාලනයට පිවිසියේය.

එතැන් සිට 1996 වසර දක්වා අමාත්‍ය ධුරය හොබවමින් එකළ ඉන්දියාව මුහුණදෙමින් සිටි බරපතළ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීමට දායක වු අතර නියාමන සහ අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වාදෙමින් ඉන්දියාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට ඔහු පියවර ගත්තේය.

ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා ලෙස මන්මෝහන් සිං හඳුන්වනු ලබන අතර 2004 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය ජයගත් නමුත් පක්ෂ නායිකාව ලෙස කටයුතු කළ සෝනියා ගාන්ධි ඉතාලි ජාතිකයෙකු බැවින් අගමැති ධුරය ප්‍රතික්ෂේප කළාය.

අනතුරුව මන්මෝහන් සිං අගමැති ධුරයට පත් කළ අතර 2004 – 2014 අතර අඛණ්ඩව දෙවරක් අගමැති ධුරය දැරූ අතර රට න්‍යෂ්ටික හුදකලා තත්ත්වයෙන් මුදාගෙන අමෙරිකානු න්‍යෂ්ටික තාක්ෂණය රටට ලඟා කරදීම වැනි විශිෂ්ට කාර්යන් ඉටුකිරීමට කටයුතු කළේය.

මන්මෝහන් සිංගේ නම ඉන්දීය ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති අතර ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දියාව තුළ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.