වැලිගම චිකාගෝ පන්නයේ ප්‍රහාරයක්.. පස් දෙනෙකුට වෙඩි වදී.!

අද (4) අළුයම 1.00ට පමණ වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීමේදී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, තවත් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔවුන් සිදුවීමෙන් පසු පලා ගොස් ඇත. වෙඩි තැබීමේදී ඉලක්ක කර ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස් දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇත.

මිය ගිය පුද්ගලයා කප්පරතොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බව පැවසේ, තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 29 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු මුලින් වැලිගම වලාන රෝහලට රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇත. ඔහුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම සිදුවීමට හේතුව තවමත් හෙළිවී නොමැති අතර, වැලිගම පොලීසිය මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී. පොලිසිය විසින් සිදුවීමේ සාක්ෂි සහ වැදගත් තොරතුරු රැස්කිරීමේ කටයුතු සිදුකරනා අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

Loading

We are happy to invite you.