යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් ජනපතිගෙන් ඓතිහාසික පියවරක්.!

මෙරට ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙහිදී අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

එසේම, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී, අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලද අතර, ආන්දෝලනයට තුඩු දී ඇති නඩු කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

මීට අමතරව, මහා පරිමාණ නඩු හතක් පිළිබඳව විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇති බවද වාර්තා විය. මෙම නඩු අතර මහ බැංකු බැඳුම්කර වංචාව, පාස්කු ත්‍රස්ත ප්‍රහාර, දිනේෂ් ෆාස්ටර් ඝාතනය සහ වැලිගම වෙඩි ප්‍රහාරය වැනි ආන්දෝලනාත්මක නඩු ඇතුලත් වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.