මෝල් පාලනයෙන් පසු රටට ආණ්ඩු පාලනය උදාවෙයි.!

ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් සිදුකර ගැනීමට නියමිත බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතුව අදාළ ප්‍රතිපාදන පවතින බවත් මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර, වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවන්හිදී පමණක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

රජයේ මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වන්නේ වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමයි. මීට අමතරව, ගොවීන්ට සහතික මිලක් ලබා දීම සහ වෙළෙඳපොළ තුළ පවතින අසාමාන්‍යතා අවම කිරීම ද රජයේ අරමුණු අතර වේ.

රජය විසින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති අතර වී ගබඩා ප්‍රමාණය ඉහළ නැංවීම, වී අලෙවි මණ්ඩලයේ ක්‍රියාකාරකම් පුළුල් කිරීම සහ ගොවීන්ට සහතික මිලක් ලබා දීම ඊට ඇතුළත් වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.