සමන් දේවාලයේ දේව කෝපයට රජයෙන් සන්සුන් ප්‍රතිචාර‍යක්.!

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩබලන නිලමේවරයෙකු පත්කිරීමට එල්ල වූ විරෝධතා හේතුවෙන් දේවාලයේ රාජකාරී කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසන්නේ, මෙම පත්වීම අදාළ පනතට අනුව නීත්‍යානුකූලව සුදුකර ඇති බවයි.

සබරගමුව මහා සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාරගේ ධුර කාලය 2024 දෙසැම්බර් 31 දින අවසන් වී ඇති අතර මින් පෙර ඔහුගේ ධුර කාලය දෙවරක් දීර්ඝ කර ඇති බැවින් පනතට අනුව එම ධූර කාළය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ නොහැකි බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කර ඇත.

ඒ අනුව, එස්.වී. චන්ද්රසිංහ මහතා සබරගමුව මහා සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කර ඇත.

කෙසේවෙතත්, මෙම පත්වීම සම්බන්ධයෙන් දේවාලයේ කපු මහතුන් සහ රාජකාරී මණ්ඩලය විසින් විරෝධයතා එල්ලවී ඇත. එම පිරිස පවසන්නේ මෙම පත්වීම දේශපාලන බලපෑම් මත සිදුවූ දේවාලයේ සම්ප්‍රදායන්ට පටහැනි එකක් බවයි.

මේ වනවිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දේවාලය වසාදැමීම හේතුවෙන් ආශිර්වාද ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසා පවසන්නේ දේශපාලන බලපෑම් මත කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී ඡන්දයක් පවත්වා ස්ථිර බස්නායක නිලමේවරයෙකු පත්කිරීමට කටයුතු යොදා ඇති බවත් ය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.