By unusuma.lk on
(LK time)ලංකාවේ රත්තරන් ඉන්දියාවට පැටවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීහු සමත්ව ඇත.
පසුගියදා කල්පිටිය – බත්තලන්ගුණ්ඩුව දූපතට ආසන්නයේදී කුඩා ප්රමාණයේ බෝට්ටුවකින් රත්තරන් කිලෝ ග්රෑම් 11යි ග්රෑම් 450ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවුක හමුදා බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාරයට ගත් රත්තරන් තොගය කටුනායක රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට වැටලීම කළ නාවුක නිලධාරීන් කටයුතු කර ඇත.
රත්තරන් තොගය ඉන්දියාව දක්වා රැගෙන යමින් සිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවෝ සදහන් කර ඇත.