By unusuma.lk on
(LK time)මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ සදහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවත් වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.
ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බවද අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.