By unusuma.lk on
(LK time)පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පාසලක සේවය කරන මේ වන විට 8 මස් ගැබිනියක වන තරුණ ගුරුවරියක් සිය පාසලේම සිසුවියකට වට්ස් ඇප් මගින් අසභ්‍ය වීඩියෝ දර්ශන යැවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත අධිකරණය හමුවට පමුණුවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අගතියට පත් දැරිය එම පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර දැරියගේ පියා විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව පදවි ශ්‍රී පුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මැදිහත්වීමෙන් සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් පදවි ශ්‍රී පුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි. එච්. එන්. එස්. ප්‍රේමතිලක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.