By unusuma.lk on
(LK time)විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එහි මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති අතර අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවයි.
එය වැඩිදුරටත් සනාථ කරගැනීම සදහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර ඇති අතර අදාළ තොරතුරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.