By unusuma.lk on
(LK time)පසුගිය කාලයේදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
එම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලපුළි ලංකාතිලක එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළාය.