ධනංජයගේ පවුලට පාතාල මාරකයක්.. පියාගේ ඝාතනයෙන් පසු සහෝදරයාත් කපයි.!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා, රත්මලානේ පිහිටි ඔවුන්ගේ නිවසේදී කඩු ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අතර, කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. පොලිසිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය පාතාලයට සම්බන්ධ යැයි කියන පිරිසක් විසින් එල්ල කර ඇති බවයි.

ඊයේ (2025-01-10) රාත්‍රියේ ඔහුගේ නිවසට කඩා වැදුනු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති ඇත, එම පිරිස පසුව ස්ථානයෙන් පලා ගොස් ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඉන් හිස ආරක්ෂා කිරීමට සාවිත්‍ර සිල්වා සිය අත් ඔසවා ඇති අතර, එමගින් ඔහුගේ අතකට බරපතල තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම ධනංජය ද සිල්වාගේ පවුලට එල්ලවූ දෙවැනි මැර ප්‍රහාරය වන අතර 2018 වසරේදී, ධනංජයගේ පියා වන හිටපු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා, පාතාල ක්‍රියාකාරිකයින් විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් මරණයට පත් විය.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින අතර, ප්‍රහාරකයින්ගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම සඳහා විමර්ශණ දියත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.