දුම දැම්මොත් අසාදුයි.. දින 14න් යකඩ බරට.!

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ විස දුමාරය පිට කරමින් ධාවනය කෙරෙන සියලු වාහන අසාදු ලේඛනගත (Black List) කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි.

විස දුම පිට කරන වාහන හඳුනා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධව දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භකොට ඇති බවත් එහිදී හඳුනාගන්නා එවැනි වාහන පිළිසකර කරගැනීම සඳහා ලබා දෙන දින 14ක සහන කාලයකින් පසුව අවසන් සිහි කැඳවීමක් නිකුත් කර මෙම ක්‍රියාමාර්ගය ගැනෙන බවත් එම නිලධාරියා අවධාරණය කළේය.

රජය ගෙන යන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ඉදිරියේදී මෙම මෙහෙයුම් දීප ව්‍යාප්තව සිදු කිරීමට මේ වන විට සාකච්ඡා කර ඇත.

එලෙස දින 14ක නඩත්තු නියෝගයක් නිකුත් කරනු ලබන වාහන නැවත මෝටර් රථ දෙපාර්තමේන්තුවේදී නැවත පරීක්ෂාවට ලක් කර නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවේනම්, මෝටර් රථ දෙපාර්තමේන්තු පද්ධතියෙන් අසාදු ලේඛනගත කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙසේ අසාදු ලේඛනගත කිරීමෙන් පසුව එම වාහන සඳහා රක්ෂණ හෝ ආදායම් බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.