By unusuma.lk on
(LK time)පසුගිය 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට අනුර දිසානායක මහතා ප්රමුඛ මාලිමා රජය විසින් තීරණය කර ඇති බව වාර්ථා වේ.
2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දීමට කටයුතු කරනා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ එළැඹෙන අයවැය මගින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.