By unusuma.lk on
(LK time)අද (15) අළුයම දොඩංගොඩ විල්පාත ප්රදේශයේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.
අදාළ නිවස විශ්රාමික පොලිස් නිලධාරියෙකුට අයත් නිවසක් බව අනාවරණය වී ඇති අතර නිවසේ ජනේලයට වෙඩි ප්රහාර හතරක් එල්ලවී ඇත.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි නොමැති බව සදහන් වේ.
ප්රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා ඇති අතර කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරයි.