By unusuma.lk on
(LK time)විපක්ෂයේ ප්රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ දූෂිත නැති ඕනෑ ම කෙනෙකුට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, වැඩපිළිවෙලක් සාදා ගැනීමට හා එකඟතාවට පැමිණීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.
ඔහු පවසන්නේ, රටේ ජනතාව මුහුණ දී ඇති පීඩනය හමුවේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරගෙන ඉදිරි ගමන යෑමට සජබ සූදානම් බවයි.
ආණ්ඩුව ඡන්දවලට පෙර කී දේට වෙනස්ම දෙයක් දැන් කරන බව ත් අඩු මිලට වාහන ගැනීමට සිටි තරුණ තරුණියන්ට හොඳ ඉහළ මිලකට වාහන ගැනීමට සිදුවනු ඇති බවත් මන්ත්රීවරයා පවසයි.
ආණ්ඩුව විසින් ජනතාව රවටා ඇති බවත් කිසිදිනක නොවූ ආකාරයට රටේ සහල් හිඟයක් ඇති වී තිබෙන බවත් හාල් නැති තැනක් පෙන්වන්නැයි වෙළෙඳ ඇමතිවරයා කීවත් හාල් තිබෙන තැන් පෙන්වීම ඊට වඩා පහසු වනු ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මේ අනුව ජනමතයට අනුව විපක්ෂයේ බලවත්ම පක්ෂය ලෙස සමගි ජන බලවේගය රජයට එරෙහි ඕනෑම බලවේගයක් සමග වැඩ කිරීමට නායකත්වය ලබා දෙන බවත් ආණ්ඩුවට බනින ජනතාව මේ වන විට වැඩි වී ඇති බැවින් ඒ සියලුම දෙනා එකතු කරගෙන ඔවුන්ට නායකත්වය දීමට සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බවත් මන්ත්රීවරයා පවසයි.