මත්පැන් සඳහා නව ගැසට් නිවේදනයක්.!

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් ජනවාරි (11) දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සුරාබදු ප්‍රමාණයන් නියම කරමින්ය.

මෙම බදු ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කරමින් හා මෙම බදු සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ 2023.12.31 හා 2364/35 අති විශේෂ ගැසට්‌ පත්‍රයේ 04/2023 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණි.

ඒ අනුව නිෂ්පාදනාගාරවලින් නිකුත් කරන විශේෂ අරක්කු මධ්‍යසාර සෑම ලීටර් එකකටම රුපියල් 7244ක්, ඉක්ෂුපාත තල්, පොල් සහ පදම්කළ අරක්කු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7752ක්, විදේශීය ස්ප්‍රීතු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7969ක් ලෙස අයවිය යුතු සුරාබදු ප්‍රමාණ නියම කර ඇත.

සැර ප්‍රතිශතය 05% හෝ ඊට අඩු ධාන්‍ය මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735ක් හා එය සැර 05% ට වැඩි වන්නේ නම් රුපියල් 6015ක් ලෙස සුරාබද්ද නියම කර ඇත.

මෙම දෙවර්ගයම යම් විදේශ රටක් වෙනුවෙන් මෙරට සිටින යම් තානාපති දූත මණ්ඩලයක ප්‍රයෝජනයට නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන විට එම මත්පැන් සදහා ගෙවීම් එම මණ්ඩලවල විදේශීය ගිණුම්වලින් කරන්නේ නම් එම මත්පැන් ඕනෑම ප්‍රමාණයක් වෙනුවෙන් මෙකී බදු අය නොකළ යුතු යැයිද නියම කර ඇත.

රා හෝ වෙනත් ධාන්‍යවලින් හැදූ මත්පැන් හැර තාල වර්ගයේ හෝ වෙනත් පැළෑටියකින් ස්වාභාවිකව ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මත්පැන් මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735ක්, මධ්‍යසාර ප්‍රතිශතය 18% ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ සත්ව කිරි මගින් ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මධ්‍යසාර ලීටරයකින් රුපියල් 1567ක් වශයෙන් සුරාබදු ප්‍රමාණයන් නියම කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.