By unusuma.lk on
(LK time)2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර ඇත.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පොලිස් මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත.
කෙසේවෙතත් නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට පොලීසිය කටයුතු කරන බව මෙහිදී දැනුම්දී තිබේ.
ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බව මෙහිදී පොලිස්පතිවරයා අවධාරනය කර ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.