රජය විසින් ලබාදෙන අස්වැසුම ප්රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අන්ත දිළිඳු පවුල් සදහා ලබාදෙන රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500ක් දක්වාත්, රුපියල් 8,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වාත්, රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වාත් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.