By unusuma.lk on
(LK time)ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු දැවැන්ත ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) දින සිදු විය.
ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර ඇත.
චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති අතර ඉතා ඉක්මණින් මෙහි ප්රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ස්ථාවර ශක්තිමත් පාලනයක්, විනිවිඳභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ආයෝජකයින්ට ආරාධනා කර ඇති අතර චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ “ආයෝජන සැසියේ” ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා එක් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මෙම අවස්ථාවට සහභාගී විය.