By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී චීන – ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලන, සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බවත් එම ද්විපාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.