By unusuma.lk on
(LK time)රජය විසින් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා සහන පැකේජ ක්‍රමයක් සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව මෙම සහන පැකේජය සකස් කර ඇත.
ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.
(අ) විශේෂිත සහන
1. 2024.12.15 දිනට පැවති සමස්ත ගෙවිය යුතු ණය ප්‍රාග්ධන වටිනාකම මත පදනම්ව කාණ්ඩ තුනක් යටතේ විශේෂිත සහන ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒ අනුව එක් එක් කාණ්ඩය සඳහා හිමිවන විශේෂිත ප්රතිලාභ පහත වගුවේ දක්වා තිබේ.
2019.04.01 සිට 2024.09.30 දක්වා කාලය තුළ බැංකු විසින් අදියර 3 ණය කාණ්ඩය (අක්‍රිය ණය) යටතේ රු. බි. 886ක පමණ වටිනාකමක් සහිත 494,000ක් පමණ වන ණය ලබාගත් අය වර්ග කර ඇති අතර, එසේ වර්ග කර ඇති ණය සංඛ්‍යාවෙන් 99% ක් පමණම රු. මි. 25ට අඩු ණය ගැනීම් ලෙස වාර්තා වී ඇත.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය තුළ අත්විඳින ලද අහිතකර බලපෑම් හේතුවෙන් ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජය සැලසුම් කර තිබේ.
සම්පූර්ණ විස්තර පහතින්,