By unusuma.lk on
(LK time)අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබුණු අතර එය එම සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුම් අත්සන් තැබූ අතර සමස්ථ ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමකින් යුතු වෙයි.
සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම දැවැන්ත ආයෝජනය හරහා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව රජය අපේක්ෂා කරයි.
එම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.