By unusuma.lk on
(LK time)අද (17) සිට විදුලි ගාස්තුව සියයට 11.8 කට වැඩි ප්‍රතිශතයකින් පහළ යනු ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරයි.
පසුගිය 2024 වසරට අදාළව සිදුකළ යුතු දෙවන ගාස්තු සංශෝධනය මැතිවරණ නිසා මෙම වසරට කල් ගිය බවද ලංවීම ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරයි.
මහජන උපයෝගීතා කොමිසම ඉල්ලූ දත්ත වාර්තාව ඉකුත් දෙසැම්බර් (06) වැනිදා කොමිසම වෙත භාරදුන් බවත් එම දත්ත පදනම් කරගෙන කොමිසම ලංවීමට දැනුම් දුන්නේ සියයට 11.8කින් විදුලිඛිල පහළ දැමිය හැකි බව ඉංජිනේරුවෝ සදහන් කරයි.
පසුගිය දෙසැම්බර් (17) සිට ජනවාරි (10) තෙක් මහජන අදහස් ලබාගැනීමෙන් පසුව කොමිසමේ තීරණය අද (17) දින නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.