‘රැකවරණය අවසන්’ පොලිස්පති තිත්ත ඇත්තක් හෙළිකරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසූවේ නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව යි.

එමෙන්ම විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති නමුත් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බවත් එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි කටයුතු කරනා බවත් පැවසීය.

“ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා…”

මේ අතර පසුගිය 2024.09.23 වන දින සිට 2025.01.10 දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පහත සඳහන් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවත් මෙතෙක් ඉතිහාසයේ ගොඩබිමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය කාලයේ සොයාගැනීමට හැකිවූ බවත් ඇති බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

හෙරොයින් කිලෝග්‍රෑම් 373ක් 
ගංජා / කේරළ ගංජා කිලෝග්‍රෑම් 3504ක්
අයිස් කිලෝග්‍රෑම් 751
කොකේන් කිලෝග්‍රෑම් 3.7ක්
හෂීස් කිලෝග්‍රෑම් 167ක්
වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 482ක්

මේ වනවිට මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ දෙවන පෙළ සාමාජිකයින් 1,415ක් හඳුනාගෙන ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.